පාසල් නිල ඇඳුම් ලබා දීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්
Thursday, 09 March 2023 - 9:24 | Views - 15,268
චීන රජය විසින් මෙරටට ලබාදෙන පාසල් නිල ඇඳුම් ප්රදානය මේ වනවිට සම්පූර්ණයෙන්ම ලැබී අවසන් වී ඇති බවත්, ඒ අනුව කඩිනමින් නිල ඇඳුම් බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.
අවසන් නිල ඇඳුම් රෙදි තොගය ලක් රජයට බාරදීම මෙරට චීන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණු අතර, ඊට එක්වෙමිනුයි අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
මේ අතර, චීන රජය විසින් මෙරට වී වගා කරන ගොවීන් සඳහා නොමිලේ ලබාදුන් ඩීසල් ලීටර් මිලියන 6.98ක ප්‍රමාණය වහාම ගොවි ජනතාව වෙත බෙදාහරින ලෙසට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (08) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව, හෙක්ටයාරයක් සඳහා ඩීසල් ලීටර් 15ක් ලබාදීමට නියමිත යි.
Share This Article