ණය කරුවන්ට මහ බැංකුවෙන් නිවේදනයක්
Thursday, 09 March 2023 - 9:11 | Views - 827
දීර්ඝ කාලීන ණය නොගෙවීම මූල්‍ය අංශය මත මෙන්ම ගණුදෙනුකරුවන්ටද දැඩි පීඩනයක් එල්ල කරන බැවින් අදාළ ආයතන සමඟ එකඟ වූ සැලැස්ම පරිදි ණය ගෙවීම ගණුදෙනුකරුවන්ගෙන් අපේක්ෂා කරන බව මහ බැංකුව ප්‍රකාශ කළා.
ඒ, සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ බලපෑමට ලක්වූ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ පුද්ගලයින් සඳහා සුදුසු මූල්‍ය සහන ලබාදෙන ලෙසට මූල්‍ය ආයතනවලින් කළ ඉල්ලීම් පිළිබඳව කරුණු පැහැදිලි කරමින්.
ණය පහසුකම් සඳහා සහන, ආපසු අය කර ගැනීමේ ක්‍රියාමාර්ග අත්හිටුවීම, ණය කලින් පියවීම සඳහා අවස්ථාව සැලසීම, ඊට අදාළව අය කරනු ලබන ගාස්තු සහ අනාගත පොලී අත්හිටුවීම වැනි සහන ගණුදෙනුකරුවන්ට ලබාදෙන ලෙසයි මහ බැංකුව මීට පෙර අදාළ ආයතනවලින් ඉල්ලා සිටියේ.
එම ක්‍රියාවලිය කඩිනමි කරන ලෙසටද මූල්‍ය ආයතනවලින් ඉල්ලා ඇති බව මහ බැංකුව ප්‍රකාශ කළා.
Share This Article