ණය කරුවන්ට මහ බැංකුවෙන් නිවේදනයක්
Thursday, 09 March 2023 - 9:11 | Views - 828
දීර්ඝ කාලීන ණය නොගෙවීම මූල්‍ය අංශය මත මෙන්ම ගණුදෙනුකරුවන්ටද දැඩි පීඩනයක් එල්ල කරන බැවින් අදාළ ආයතන සමඟ එකඟ වූ සැලැස්ම පරිදි ණය ගෙවීම ගණුදෙනුකරුවන්ගෙන් අපේක්ෂා කරන බව මහ බැංකුව ප්‍රකාශ කළා.

ඒ, සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ බලපෑමට ලක්වූ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ පුද්ගලයින් සඳහා සුදුසු මූල්‍ය සහන ලබාදෙන ලෙසට මූල්‍ය ආයතනවලින් කළ ඉල්ලීම් පිළිබඳව කරුණු පැහැදිලි කරමින්.

ණය පහසුකම් සඳහා සහන, ආපසු අය කර ගැනීමේ ක්‍රියාමාර්ග අත්හිටුවීම, ණය කලින් පියවීම සඳහා අවස්ථාව සැලසීම, ඊට අදාළව අය කරනු ලබන ගාස්තු සහ අනාගත පොලී අත්හිටුවීම වැනි සහන ගණුදෙනුකරුවන්ට ලබාදෙන ලෙසයි මහ බැංකුව මීට පෙර අදාළ ආයතනවලින් ඉල්ලා සිටියේ.

එම ක්‍රියාවලිය කඩිනමි කරන ලෙසටද මූල්‍ය ආයතනවලින් ඉල්ලා ඇති බව මහ බැංකුව ප්‍රකාශ කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top