විපක්ෂය සහාය දුන්නොත් ජූලි බිල අඩු කරනවා - කංචන
Thursday, 09 March 2023 - 7:56 | Views - 485
නව විදුලි ජනන සැලසුමට විපක්ෂය ඇතුළු සියලුදෙනා සහය ලබාදුනහොත් ජූලි මාසයේදී විදුලි ගාස්තු අඩු කිරීමට හැකි වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග යටතේ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ (08) පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින්.
Share This Article