ඉතාලියේ රැකියා සඳහා ශ්රී ලංකාව සහ යුරෝපීය නොවන රටවලින් ශ්රමිකයින් බඳවා ගැනීම සඳහා ලබන 27 වනදා සිට ඔන්ලයින් ක්රමය ඔස්සේ එරට රජය විසින් අයදුම්පත් කැඳවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඒ අනුව, රැකියා 82,702 කට ශ්රමිකයින් බඳවාගන්නා අතර, ට්රක් රථ රියදුරන්, ඉදිකිරීම් සහ හෝටල් ක්ෂේත්රය, යාන්ත්රික හා විදුලි කාර්මික, විදුලි සංදේශ, ආහාර කර්මාන්තය, නාවික, සංචාරක හා කෘෂිවගා ආදී ක්ෂේත්රවල රැකියා සඳහා සුදුසුකම් ඇති පුද්ගලයන්ට ඊට අයදුම් කළ හැකියි.