QR කෝටාව ගැන විශේෂ දැනුම් දීමක්
Wednesday, 08 March 2023 - 15:25 | Views - 9,517
අද(08) සිට ක්‍රියාත්මක වන පරිදි සෑම සතියකම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ QR කෝටාව යාවත්කාලීන කෙරෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර , ඒ අනුව අද උදෑසන ද සියළු ගිණුම් යාවත්කාලීන වී ඇති බවද ඇමතිවරයා සඳහන් කළා.
කෙසේ වෙතත්, මීට පෙර QR කෝටාව යාවත්කාලීන කෙරුණේ සෑම සතියකම ඉරිදා මධ්‍යම රාත්‍රියේදීය.
එසේම, වෙනස් වුවද QR කෝටාව හරහා සතිකට ලැබෙන ඉන්ධන ප්‍රමාණයේ කිසිඳු වෙනසක් සිදුනොවන බව ද සඳහන් වී තිබෙනවා.
Share This Article