අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක මිල අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව, ග්‍රෑම් 450ක් බර පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අද (08) මධ්‍යම රාත්‍රියේ සිට අඩු වනු ඇති.
UP DATE..
එසේම, ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි මිල අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමා තිබෙනවා. ඒ අනුව, ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 15කින් පහළ යනු ඇති බවයි වාර්තා වෙන්නේ.