ඉහළ යන ජීවන වියදමට සරිලන දීමනාවක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් දියත් කර ඇති වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.
අද (08) උදෑසන 8ට මෙම එක්දින වර්ජනය ආරම්භ කළ අතර, අතුරු වෛද්‍ය, පරිපූරක වෛද්‍ය, රසායනාගාර, ඖෂධවේදීන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට අයත් සේවකයින් වර්ජනයට එක්ව සිටිනවා.
මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි කටයුතු ද අඩාල වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
කෙසේ වෙතත්, අද (08) වර්ජනයට සහය නොදක්වන නමුත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි අද (08) උදෑසන කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ කියා සිටියේ.