සෞඛ්‍ය වර්ජනයෙන් රෝගීන් පීඩාවට
Wednesday, 08 March 2023 - 13:28 | Views - 2,183
ඉහළ යන ජීවන වියදමට සරිලන දීමනාවක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් දියත් කර ඇති වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

අද (08) උදෑසන 8ට මෙම එක්දින වර්ජනය ආරම්භ කළ අතර, අතුරු වෛද්‍ය, පරිපූරක වෛද්‍ය, රසායනාගාර, ඖෂධවේදීන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට අයත් සේවකයින් වර්ජනයට එක්ව සිටිනවා.

මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි කටයුතු ද අඩාල වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කෙසේ වෙතත්, අද (08) වර්ජනයට සහය නොදක්වන නමුත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි අද (08) උදෑසන කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ කියා සිටියේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top