සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය එළඹෙන 18 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 12.10 දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,269ක දී පැවැත්වෙනවා.
ඒ, 2019 සිට 2022 වසරවලට අදාළවයි.
මෙම විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර හා පාසල් පැමිණීමේ ලේඛන තැපැල් මගින් එවනු නොලබන අතර රජයේ පාසල් සහ පෞද්ගලික පාසැල් විදුහල්පතිවරුන් හරහා අදාළ බාගත කිරීම කරගත යුතුයි.
අපේක්ෂකයින්ගේ නම්, මාධ්‍ය, ජාතික හැදුනුම්පත් අංක සහ ස්ත්‍රී - පුරුෂ සංශෝධන තිබේ නම් එම වෙබ් අඩවිය තුළින්ම සිදු කර ගත හැකි අතර එම සංශෝධන මේ මස 12 වැනි දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙනවා.