තැපැල් ඡන්ද විමසීම ලබන 28 සිට..
පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීම ලබන 28 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාර දීම ලබන 21 වැනිදා සිදුකරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ.
පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් 25 වනදා පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් විසින් නිකුත් කිරීමට නියමිතයි.