මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට මෙවර රාමසාන් සමයේ දී ආගමික වතාවත්වල නිරතවීමට හැකිවන පරිදි වැඩපිළිවෙලක් සකස් කරන ලෙස දැනුම් දෙමින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත එම විශේෂ චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්.
මාර්තු 23 වනදා සිට අප්‍රේල් 21 වන දා දක්වා මෙවර රාමසාන් උත්සව සමය ක්‍රියාත්මක අතර එම කාලය තුළ අදාළ රාජ්‍ය නිලධාරීන්ට ආගමික වතාවත්වල නිරත වීමට හැකිවන පරිදි සේවා මුර සකස් කර දිය යුතු අතර නොවැලැක්විය හැකි අවස්ථාවලදී පමණක් විශේෂ නිවාඩු අනුමත කළ යුතු බවයි චක්‍රලේඛයේ දැක්වෙන්නේ.
එමෙන්ම රාමසාන් අවසන් වීමට දින 14 කට පෙර රාජ්‍ය සේවයේ නිලධාරීන්ට උත්සව අත්තිකාරම් ලබා දීමට කටයුතු කරන ලෙසද එම චක්‍රලේඛයේ සඳහන්.