මුම්බායි හි බැංකුවක ගණුදෙනුකරුවන් 40 දෙනෙකුගේ ලක්ෂ ගණනක මුදල් වංචනික ලෙස සොරාගැනීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
බැංකු නිලධාරිනියක් ලෙස පෙනී සිටි කාන්තාවක් දුරකථන ඇමතුමක් ලබා දී තොරතුරු යාවත්කාලීන කරන ලෙසට ගණුදෙනුකරුවන්ට දන්වා තිබෙනවා.
පසුව ඔවුන්ගේ ජංගම දුරකථනයට එවන ලද ව්‍යාජ කෙටි පණිවුඩයක් මගින් මෙලෙස ඔවුන්ගේ රහස්‍ය බැංකු තොරතුරු ලබාගෙන ඇති බව සඳහන්.
මෙම වංචාවට හසුවූ ගණුදෙනුකරුවන් අතරට රූපවාහිනී නිලි ශ්වේතා මේමන්ද වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.