මාරාන්තික වසූරිය - පැය 48ක් තුළ ගවයින් 67ක් මරුට (Photos)
Monday, 06 March 2023 - 11:07 | Views - 5,782

2000 වසරේ දී කිලිනොච්චියේ ප්‍රදේශ කිහිපයක් පුරා පැතිර ගිය මාරාන්තික ගව වසූරිය යළිත් වරක් එම පළාත්වල පැතිරයාමේ අවදානමක් පවතින බවත්, එම රෝගයෙන් දින දෙකක් තුළ ගවයින් 67 දෙනෙකු මියගොස් තිබෙනවා.අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, අද (06) පෙරවරුවේ දී මෙම රෝගයෙන් දැනට මියගොස් ඇති නිශ්චිත සංඛ්‍යාව පිළිබඳ කිලිනොච්චිය පශු වෛද්‍ය කාර් යාලය පැවසූ බවයි.මෙම රෝගී තත්ත්වයෙන් වැඩිම සංඛ්‍යාවක් ගවයින් මියගොස් ඇත්තේ පුනරීන්, කරච්චි,පලෛ, උරුතිරපුම් සහ නිවීල් යන ප්රදේශවලයි.වයසින් බොහෝ සෙයින් අඩු ගවයින් මෙම මාරාන්තික රෝගයට ගොදුරුව ඇති අතර, මියගිය සතුන්ගේ සිරුරුවල විශාල බිබිලි හටගෙන, පසුව උණ වැළඳීමෙන් මරණ සිදුව තිබෙනවා.2000 වසරේ දී මෙම වසූරිය රෝගයෙන් ගවයින් 3347 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තාවනවා.මෙම වෛරසයේ රෝග වාහකයින් බවට පත්ව ඇත්තේ මැස්සන්, මදුරුවන් ආදී සතුන් බවත් පශු වෛද්‍ය අංශ හෙළි කරනවා.මෙතරම් සෞඛ්‍යමය ගැටලුවක් හටගෙන තිබුණ ද රජය විසින් ඊට කිසිදු සොයා බැලීමක් හෝ සිදු කර නොමැති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.අදාළ රෝගයට ලබාදෙන කිසිදු ඖෂධයක් පශු වෛද්‍ය රෝහල්වල ද නොමැති බවයි කිලිනොච්චියේ පශු වෛද්‍ය නිලධාරින් සඳහන් කරන්නේ.කරච්චි,කල්මුඩ, පෙරියමඩු, රාමනාදපුරම් ආදී ගම්මානවලට ද මෙම රෝගී තත්ත්වය වැළඳෙමින් ඇති බැවින් මේ වනවිට එම ගව පට්ටිවල කිරි දෙවීමේ කටයුතු සම්පූර්ණයෙන් ම නවතා දමා තිබෙනවා.පසුගිය සමයේ හටගත් අධික සීතල කාලගුණ තත්ත්වය හේතුවෙන් ද කිලිනොච්චියේ ගවයින් 3000කට ආසන්න සංඛ්‍යාවක් මියැදුණා.





#
Share This Article