දුම්රිය ගමන් වාර රැසක් අඩාලයි
Monday, 06 March 2023 - 9:46 | Views - 480
දුම්රිය සේවය පවත්වා ගෙන යාමට අත්‍යාවශ්‍ය වයස අවුරුදු 60 ඉක්මවූවන් වසරක කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙතෙක් අනුමැතිය ලබා නොදීම හේතුවෙන් දුර ගමන් සේවා, ඉන්ධන ප්‍රවාහන හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය රැසක් අඩාල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

වයස අවුරුදු 60 ඉක්මවූවන් පසුගිය ජනවාරි පළමු වනදා සිට විශ්‍රාම ගැන්වීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයත් සමඟ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වීම හමුවේ, ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කළේ, කොන්ත්‍රාත් පදනම මත වසරක කාලයකට සේවා අවශ්‍යතාව මත වසය අවුරුදු 60 ඉක්මවූවන් යළි සේවයට බඳවා ගන්නා බවයි.

එහෙත් එම තීරණය මෙතෙක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුල වයස අවුරුදු 60 ඉක්මවූ දුම්රිය රියදුරන් 20කට අධික සංඛ්‍යාවක් සේවය අවසන් කිරීමට කටයුතු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම තත්වය හමුවේ මේ වනවිට අනුරාධපුර, වව්නියාව, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ බදුල්ල යන ගමනානන්ත බලා ධාවනය වන දුර ගමන් සේවා දුම්රිය රැසක් අවලංගු වී ඇති අතර ඉන්ධන ප්‍රවාහන දුම්රිය කිහිපයක්, භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 2ක් සහ ත්‍රිකුණාමලය බලා ධාවනය වූ තිරිඟු පිටි ප්‍රවාහන දුම්රිය ද අවලංගු වී තිබෙනවා.

මීට ආසන්නතම සිද්ධිය වාර්තා වූයේ කොළඹ කොටුව සහ මඩකලපුව අතර ධාවනය වන උදයදේවී ශීඝ්‍රගාමී දුම්රිය පෙරේදා සිට ධාවනය නොවීමයි.

දුම්රිය ඉතිහාසයේ පළමු වරට මෙම දුම්රිය ධාවනය නොවූ අතර රියදුරන් නොමැති වීම හේතුවෙන් අද (06) දිනයේත් එය ධාවන නොවන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

මෙම දුම්රියේ සේවය කළ රියදුරු පසුගියදා විශ්‍රාම යාමෙන් පසුව කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට එක්ව ඇති නමුත් ඉදිරි කාලය සඳහා ඔහුට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් තීරණයක් නොමැතිවීම හේතුවෙනුයි දුම්රිය ධාවන කටයුතු අඩාල වී ඇත්තේ.

දුම්රිය දෙපාර්තමේන්තුව කරනු ලැබූ ඉල්ලීමකට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබුණේ, දුම්රිය සේවාව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වයස අවුරුදු 63ට අඩු සේවකයින් පමණක් එලෙස කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීමට අවසර ලබාදීම සඳහා සලකා බලන බවයි.

එහෙත් දුර ගමන් සේවා දුම්රිය ධාවනය සිදු කරන වයස අවුරුදු 60ත් 63ත් අතර දුම්රිය රියදුරන් සිටින්නේ හතර දෙනෙකු පමණක් වන අතර බහුතරය 60ත් 65ත් අතර වයසේ පසුවන්නන් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top