මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි - හිරු සීල පාරමිතාව තිස්සමහාරාමයට
Monday, 06 March 2023 - 7:58 | Views - 290

මැදින් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සැදැහැ සිතින් සංවිධාන කරන හිරු සීල පාරමිතා වැඩසටහන තිස්සමහාරාම රාජමහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට ක්‍රියාත්මකයි.
උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු සීල පාරමිතාව අද උදෑසන ආරම්භ වුණා.
එම කටයුතු සිදු කළේ තිස්සමහාරාම විහාරවාසී ශාස්ත්‍රපති පූජ්‍ය ගලගම ධම්මදින්න ස්වාමීන් වහන්සේ විසින්.
උදෑසන 7.30 ට පෝදා ධර්ම දේශනය, ත්‍රිපිටාකචාර්ය පූජ්‍ය හසලක සීලවිමල හිමියන් විසින් සිදු කිරීමට නියමිතයි.
නිවැරදි දැක්ම විග්‍රහ කෙරෙන කාලීන ධර්ම සාකච්ඡාවක් ද පෙරවරු 08.30 සිට 10.00 දක්වා පැවැත්වෙන්නේ ආචාර්ය පූජ්‍ය ඇත්කඳවක සද්ධාජීව ස්වාමීන් වහන්සේ සමඟ අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමියන්ගේ සහභාගීත්වයෙන්.
අනතුරුව පෙරවරු 11 ට සඳකිදුරු ජාතකය කාව්‍යමය ධර්ම දේශනාව පූජ්‍ය හසලක සුමිත්ත හිමියන් විසින් සිදු කිරීමට නියමිතයි.
පස්වරු 3.30 ට සතුටින් ජීවත්වීම පිළිබඳව විග්‍රහ කෙරෙන කාලීන ධර්ම සාකච්ඡාව පූජ්‍ය නාපටවන ධම්මානන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය ගලගම ධම්මදින්න හිමියන්ගේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහින්ද හේරත්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.
Share This Article