ගෑස් මිල වැඩි නොකරන බවට - ප්‍රකාශයක්
Sunday, 05 March 2023 - 12:14 | Views - 585
UP DATE..,

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ගණන් වැඩි වුව ද අද දිනයේ දී ගෑස් මිල ගණන් කිසිදු අයුරකින් ඉහළ දැමීමක් සිදු නොකරන බවට් ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරනවා.


එහි සභාපති මුද්‍රිත පීරිස් නිවේදනයක් නිකුත් කර කියා සිටියේ, ඩොලරයේ අගය මත රුපියල ශක්තිමත් වුව ද ගෑස් මිල ගණන් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

ඒ අනුව මේ වන තෙක් පැවති ගෑස් සිලින්ඩරවල සාමාන්‍ය මිල ගණන් මට්ටම එලෙසම රඳා පවතිනු ඇති බව ද එම නිවේදනයේ සඳහන්.

මේ අතර ලාෆ් ගෑස් මිලෙහිද කිසිදු සශෝධනයක් නොවන බවයි අප කළ විමසීමකදී එම සමාගම සඳහන් කළේ.

............................................................................


ලිට්‍රෝ ගෑස් මිල යළිත් ඉහළ යනවා ද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් වන ප්‍රකාශය අද (05) දිනයේ දී සිදු කිරීමට නියමිතයි.

ගෑස් මිල වැඩිවනවා ද නැද්ද යන බව සහ ඊට හේතු සම්බන්ධයෙන් වන විශේෂ ප්‍රකාශයක් අද ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් විසින් සිදු කරනු ලබනු ඇති.

මෙම ගෑස් මිල සංශෝධනය වන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන්.

දැනට පවතින ගෑස් මිල ගණන් වන්නේ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 4743ක් ද කිලෝග්‍රෑම් 5 රුපියල් 1904ක් සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල සටහන් වන්නේ රුපියල් 883ක් ලෙසින්.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top