අද ලැබෙන දිනයට - රැස් වූ තැන (Video)
Friday, 03 March 2023 - 15:05 | Views - 1,251
පළාත් පාළන ඡන්දය පැවැත්වෙන නව දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසන් සභාව මේ වනවිට රැස්වී තිබෙනවා.
එම රැස්වීමට කොමිසමේ සෙසු සාමාජිකයන් වන එම්.එම්.මොහොමඩ්, එස්.පී. දිවාරත්න සහ කේ.පී.පී. පතිරණ ද එක්ව සිටි බව සඳහන්.
මැතිවරණ කොමිසම් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් මේ මස 9 වනදාට පැවැත්වීමට සැලසුම් කර තිබූ පළාත්පාලන ආයතන ඡන්ද විමසීම එදිනට පැවැත්විය නොහැකි බව පසුගියදා මැතිවරණ කොමිසම නිවේදනය කළා.
ඒ අනුව, පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වෙනත් දිනයක් අද ප්රකාශයට පත් කිරීමට නියමිත අතර, තැපැල් ජන්දය පැවැත්වෙන දිනයද අද තීරණය කරනු ඇති.
Share This Article