මේක දවසින් දවස දියුණු වෙන තාක්ෂණයත් එක්ක ඇහෙන කතාවක්.
පෙම්වතුන්ට වටින කතාවක් මේක...
වීඩියෝ ඇමතුම් සහ සිපගැනීම් සඳහා නවීන යෙදුමක් හඳුන්වා දී තිබෙනවා.
චීන නව නිපැයුමක් වන මෙය බොහෝ විට මතභේදයට තුඩු දෙන්නක් බවට පත්ව තිබෙනවා. ආරංචි හැටියට චීනය ඒ විදියට අලුත් ඇප් එකක් ද හොයාගෙන යනවා. මෙම යෙදුමත් සමඟ ඔබට සැබෑ ජීවිතයේ දී තම පෙම්වතා පෙම්වතිය සිපගන්නවාක් මෙන් දුරින් සිට සිපගත හැකියි.මේ සඳහා කළ යුත්තේ ජංගම දුරකථනයට යෙදුමක් බාගත කරගැනීමයි. එම ඇප් එක හරහා දුර බැහැර පෙම්වතිය හෝ පෙම්වතා සම්බන්ධ කර ගත යුතු වෙනවා. ඔහුත් සම්බන්ධ වූ විට දෙදෙනාටම සැබෑ ජීවිතයේ සිපගන්නවාක් මෙන් සිප ගත හැකි බවයි සඳහන් වන්නේ.සමහර සමාජ ක්රියාකාරීන් මෙම යෙදුමට විරුද්ධ වී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. ඒ කොහොම නමුත් අතරම තරුණ තරුණියන් නම් මේ සඳහා සහයෝගය ලබා දෙන බවයි ආරංචිය.චීනයේ Sanzhou හි Changshu වෘත්තීය තාක්ෂණ ආයතනය මෙම උපාංගය සඳහා හිමිකම් මිලදී ගෙන ඇති බවත්, සිපගැනීමේ මෙවලම දුරස්ථ හාදු ලෙස හඳුන්වා ඇති බවත් සඳහන් වෙනවා. එහි චංචල සිලිකන් තොල් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.සිපගැනීමක් පමණක් නොව පුද්ගලයෙකු සිප ගන්නා විට පීඩනය, චලනය, උණුසුම යන සියල්ල මෙම උපකරණය හරහා යන බවයි පැවසෙන්නේ.
