දුර සිට Kiss ගන්න - නවතම App එකක් (Photo)
Tuesday, 28 February 2023 - 9:13 | Views - 4,868
මේක දවසින් දවස දියුණු වෙන තාක්ෂණයත් එක්ක ඇහෙන කතාවක්.

පෙම්වතුන්ට වටින කතාවක් මේක...

වීඩියෝ ඇමතුම් සහ සිපගැනීම් සඳහා නවීන යෙදුමක් හඳුන්වා දී තිබෙනවා.

චීන නව නිපැයුමක් වන මෙය බොහෝ විට මතභේදයට තුඩු දෙන්නක් බවට පත්ව තිබෙනවා. ආරංචි හැටියට චීනය ඒ විදියට අලුත් ඇප් එකක් ද හොයාගෙන යනවා. මෙම යෙදුමත් සමඟ ඔබට සැබෑ ජීවිතයේ දී තම පෙම්වතා පෙම්වතිය සිපගන්නවාක් මෙන් දුරින් සිට සිපගත හැකියි.

මේ සඳහා කළ යුත්තේ ජංගම දුරකථනයට යෙදුමක් බාගත කරගැනීමයි. එම ඇප් එක හරහා දුර බැහැර පෙම්වතිය හෝ පෙම්වතා සම්බන්ධ කර ගත යුතු වෙනවා. ඔහුත් සම්බන්ධ වූ විට දෙදෙනාටම සැබෑ ජීවිතයේ සිපගන්නවාක් මෙන් සිප ගත හැකි බවයි සඳහන් වන්නේ.

සමහර සමාජ ක්‍රියාකාරීන් මෙම යෙදුමට විරුද්ධ වී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. ඒ කොහොම නමුත් අතරම තරුණ තරුණියන් නම් මේ සඳහා සහයෝගය ලබා දෙන බවයි ආරංචිය.

චීනයේ Sanzhou හි Changshu වෘත්තීය තාක්ෂණ ආයතනය මෙම උපාංගය සඳහා හිමිකම් මිලදී ගෙන ඇති බවත්, සිපගැනීමේ මෙවලම දුරස්ථ හාදු ලෙස හඳුන්වා ඇති බවත් සඳහන් වෙනවා. එහි චංචල සිලිකන් තොල් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සිපගැනීමක් පමණක් නොව පුද්ගලයෙකු සිප ගන්නා විට පීඩනය, චලනය, උණුසුම යන සියල්ල මෙම උපකරණය හරහා යන බවයි පැවසෙන්නේ.  




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top