අවධානයෙන් සිටින්න - වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්
Tuesday, 28 February 2023 - 8:45 | Views - 2,536
දිවයිනට බලපා ඇති උෂ්ණාධික කාලගුණ තත්වය හේතුවෙන් දරුවන් පිළිබඳව දෙමාපියන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, පාසල් යනවිට ළමයින්ට අනිවාර්යෙන් වතුර බෝතලයක් යැවීමට පියවර ගන්නා ලෙසයි.
එමෙන්ම ආහාර ලබා දීමේ දී ඒ පිළිබඳව ද අවධානයෙන් සිටින ලෙසයි ඔහු දෙමාපියන්ට දැනුම් දුන්නේ.
Share This Article