බිත්තර ආනයනය කිරීමේ දී පනවා තිබූ ආනයන බද්ද ඉවත් කිරීම අදාළ වන්නේ රාජ්‍ය අංශයට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
රුවන්වැල්ලේ පැවති වැඩසටහනකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ අනුව බදු සහනය මත බිත්තර ආනයනය කළ හැකි වන්නේ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට පමණක් බවයි.
එලෙස ආනයනය කරන බිත්තර සියල්ල තොග වශයෙන් නිෂ්පාදන කර්මාන්තවලට ලබාදෙන බවත් එමඟින් දේශීය බිත්තර නිෂ්පාදකයාට කිසිදු බලපෑමක් එල්ල නොවන බවත් රාජ්‍ය රංජිත් සියඹලාපිටිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.