විනාඩි 20කින් අමු තේ දළු කිලෝ 10ක් නෙලූ කත (Photos & Video)
Sunday, 26 February 2023 - 10:35 | Views - 1,462
විනාඩි 20ක කාලයක් තුළ අමු තේ දළු කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 450ක් නෙලමින් රුපියල් ලක්ෂ 03ක මූල්‍ය ත්‍යාගයක් දිනාගත් වතු සේවිකාවක් ගැන පුවතක් හිරු ප්රවෘත්ති වෙත රදැල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.තලවකැලේ සමර්සෙට් වතුයායේ පදිංචි ආර්.සිදෙයිඅම්මා නමැති 37 හැවිරිදි තිදරු මවක විසිනුයි මෙම ජයග්‍රහණය හිමිකරගනු ලැබුවේ.කැළණිවැලි - තලවකැලේ සහ හොරණ වැවිලි සමාගම විසින් සංවිධානය කරන ලද තේ දළු නෙලීමේ තරගයකදියි මෙම ජයග්‍රහණය හිමිකරගනු ලැබූ බව අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.හේලිස් සමූහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ සහ එම වතු සමාගම්වල ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණා.මෙම තේ දළු නෙලීමේ තරගාවලියේ තේ දළු නෙලන්නියන් 42 දෙදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර වතු සමාගම්වල නියෝජනයන් ඒ සඳහ එක් ව සිටියා.
Share This Article