භූ කම්පන ගැන අනියත බියක් එපා - භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශය
Sunday, 26 February 2023 - 8:11 | Views - 1,172
හිමාලය හෝ ඉන්දියාවේ උතුරු දිග ප්‍රදේශය ආශ්‍රිතව නුදුරේදී භූ කම්පනයක් සිදුවිය හැකි බවට සිදුකරන උපකල්පන බැහැර කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.

නුදුරු අනාගතයේදී ඉන්දියාවේ උතුරු දිග ප්‍රදේශයට රික්ටර් මාපකාංක 8 ක පමණ ප්‍රබල භූ කම්පනයකින් බලපෑම් එල්ල විය හැකි බවට භූ ගර්භ විද්‍යාඥයින් ඊයේ අනතුරු අඟවනු ලැබුවා.

ශ්‍රී ලංකාවට ද එහි බලපෑම් එල්ල වනු ඇති බවටයි ඔවුන් අනතුරු ඇඟවූයේ.

ඔවුන් පවසන්නේ එමගින් උතුරු ඉන්දියාවේ ප්‍රදේශවලට දැඩි හානි සිදුවීමේ හැකියාවක් ද පවතින බවයි.

විද්‍යාඥයින් පුරෝකතනය කරන පරිදි මෙම භූ කම්පනයේ ප්‍රභලත්වය රික්ටර් මාපකාංක 8 ක් ඉක්මවනු ඇති බව සඳහන්.

මෙම පුරෝකතනය සත්‍ය වුවහොත් එහි ප්‍රභලත්වය මෙරටටත් දැනෙනු ඇති බවයි පැවසෙන්නේ.

ඒ ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ සිට කිලෝ මීටර් 2500කට නුදුරින් ශ්‍රී ලංකාව පිහිටා තිබීම හේතුවෙන්.

මීට වසර දෙකකට පෙර හිමාල ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපකාංක 5 ක භූ කම්පනයක් ද කොළඹ ප්‍රදේශයට දැනී තිබුණා.

ගතවු සති කිහිපය තුළදී අවස්ථා 4 ක බුත්තල - වැල්ලවාය ප්‍රදේශය අශ්‍රිතවද භූ චලන වාර්තා වූ අතර, ඒවා රික්ටර් මාපකයේ සටහන්ව තිබුණේ ඒකක 3 ට අඩු අගයකයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top