සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
මෙම තීරණය අද (25) දහවල් මන්ත්‍රීවරයා විසින් සිය පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත දැනුම්දෙනු ලැබුවා.
මයන්ත දිසානායක සිය සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කෙරුණේ ඊයේ දහවල් මන්ත්‍රී හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයාගේ පත්වීම සම්බන්ධයෙන් මතු කළ ගැටලුවක් හේතුවෙන්.
කෙසේවෙතත් ඊයේ රාත්‍රිය වන විට ද මයන්ත දිසානායක විපක්ෂයේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලට ද ප්‍රකාශ කර තිබුණේ තමන් සභාපති ධුරයෙන් ඉවත් නොවන බවයි.
ආචාර්‍ය හර්ෂ ද සිල්වා COPF සභාපති ලෙස පිළිගනු ලැබුව ද පෙරේදා (23) දිනයේ දී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රී මයන්ත දිසානායකව නව සභාපති ධුරයට පත් කරනු ලැබුවා.