පුංචි ඡන්දයේ අනාගතය - තීරණය කරන මැතිවරණ කොමිසම (Video)
Friday, 24 February 2023 - 14:13 | Views - 1,309
පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මේ වනවිට රැස්වී තිබෙනවා.
රට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බැවින් පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා මැයි මස 11 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23) නියම කළා.
ඒ අනුව ඡන්ද විමසීම සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වයන් පිළිබඳව මෙහි දී අවධානයට ලක් කෙරෙනු ඇති.
Share This Article