දරුවන් 60 දෙනකුගේ පියෙකු ගැන අමුතු අනාවරණයක්
Friday, 24 February 2023 - 11:59 | Views - 2,009
ව්‍යාජ අනන්‍යතා හතරක් භාවිතා කර ශුක්‍රාණු පරිත්‍යාග කරමින් මේ වන විට දරුවන් 60 දෙනකුගේ පියෙක් බවට පත්ව සිටින පුද්ගලයකු පිළිබඳ අනාවරණයක් ඕස්ටේ්රලියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙය සොයා ගැනීමට හේතුව බවට පත්වී ඇත්තේ ඕස්ටේ්රලියානු සමරිසි ප්‍රජාව විසින් තමන් මවුපියන් බවට පත්වීමේ සතුට වෙනුවෙන් උත්සවයක් සංවිධානය කර තිබුණු අවස්ථාවකි.
ඒ අනුව, මේ උත්සවයට පැමිණ තිබෙන දරුවන් බොහෝමයකගේ දේහ ලක්ෂණ එක සමාන බව මේ සමලිංගික මවුපියන්ට දක්නට ලැබී තිබෙනවා.
එම නිසා ඔවුන් ඒ පිළිබඳ ඕස්ටේ්රලියානු ශුක්‍රාණු බැංකුවලින් විමසීමක් කර ඇති අතර, එහිදී කළ පරීක්ෂාවකදී අදාල පුද්ගලයා ව්‍යාජ තොරතුරු භාවිතා කර නිල හා නිල නොවන ආකාරයට ශුක්‍රාණු බැංකු වෙත ශුක්‍රාණු පරිත්‍යාග කර ඇති බව සොයාගෙන තිබෙනවා.
එමෙන්ම ඒ සඳහා ඔහු තෑගි බෝගද ලබාගෙන ඇති බව වාර්තා වන අතර,
එහෙත් ශුක්‍රාණු පරිත්‍යාගය වෙනුවෙන් තෑගි බෝග ගැනීම ඕස්ටේ්රලියානු නීතිය යටතේ අපරාධමය වරදක් බවද සඳහන් වී තිබෙනවා.
කෙසේ නමුත් ඕස්ටේ්රලියානු බලධාරීන් මෙම තැනැත්තාගේ අනන්යතාවයතවමත් හෙළිකර නොමැති බවද සඳහන්.
- නයනා උදයංගනී
Share This Article