ගොවීන්ගේ වගා කටයුතු සඳහා අවශ්‍ය සහන සැලසීමට රජය විසින් මේ වසරේ දී රුපියල් මිලියන 56,000ක මුදලක් වෙන්කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, විශේෂයෙන් ගොවීන්ට තම නිෂ්පාදන සඳහා වැය වන පිරිවැය අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම මුදල ලබාදෙන බවයි.
මේ වනවිට වගා කටයුතුවල යෙදීමේ දී වියදම් ඉහළ යාම නිසා අස්වනු නෙලීමෙන් පසු ප්‍රමාණවත් තරම් ලාභයක් නොලැබෙන බවට ගොවීන් මැසිවිලි නගනවා.
ඒ අනුවයි අදාළ මුදල ගොවි ජනතාවට සහන සැලසීමට යෙදවීමට පියවර ගැනෙන්නේ.