''මිස් ,මගේ Girl Friend කෝ එයා මගේ ඔඩොක්කුවේ ඔළුව තියාගෙන ආවේ.." ''අනේ , මං කොහොම කියන්නද ඒ කෙල්ල ජීවිතුන් අතර නෑ කියලා.."
Friday, 24 February 2023 - 9:23 | Views - 3,910
තිදෙනකුට මරු කැඳවමින් 26 ක් රෝහල් ගත කරමින් නෝර්ටන්, දියගල මාර්ගයේ
හුළංවංගුව අසලදී ප්‍රපාතයට පෙරළුණු බසය ගැන කම්පන සහගත ප්‍රවෘත්තිය
ඔබටත් අහන්න ලැබෙන්න ඇති.

මහරගම සිට ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණි පිරිසක් ශ්‍රී පාදය වන්දනා කර
නැවත මහරගම ප්‍රදේශය දක්වා ගමන් කරමින් සිටියදී 19 වැනිදා රාත්‍රියේ
මෙම බස් රථය අනතුරට ලක්ව තිබුණා.

නෝර්ටන් දියගල මාර්ගයේ හුළංවංගුව අසලදී මාර්ගයෙන්
ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරලී සිදුවූ මෙම අනතුරින්
කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයකු දිවි හැර ගියා.

එසේ දිවි හැර ගිය පිරිස් මෙන්ම, මාරාන්තික තුවාල සහිතව
රෝහල්ගත පිරිස් ද බොහෝමයක් සිටියා.

එවැනි පුද්ගලයෙකු ගැන නාවලපිටිය රෝහලේ
හෙදියක් කියූ අතිශය සංවේදී කතාවයි මේ...

"ඒ වෙලාවේ කකුල් අතපය තුවාල වෙච්ච තරුණයෙක්.
එයාට යන්තම් සිහිය වැටුණු වෙලාවේ මට කතා කළා.
කතා කරලා මෙහෙම කිව්වා,
'මිස් අපි මහන්සි වෙලා එන ගමන් හිටියේ..
මගේ ගර්ල් ෆෙර්න්ඩ් මා එක්ක ආවා.
එයා මගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන ආවේ.
ඇක්සිඩන්ට් එක වුණාට පස්සෙ මට සිහිය නැතිවුණා.
මාව මෙහාට ගෙනාවා විතරයි මතක.
අනේ එයා කොහෙද ඉන්නෙ
එයාට මොනාද වෙලා තියෙන්නෙ බලලා කියන්න'

මම ඒ වෙලාවේ ඒ තරුණයාට තත්ත්වය පැහැදිලි කළා.
"ඇක්සිඩන්ට් වෙලා ගෙනාපු කට්ටිය මෙහේ වගේම
තව අය දික්ඔය කොටඔය හොස්පිට්වලටත්
මාරුකරලා යවලා තියෙනවා. ඒ නිසා දැන්ම හොයාගන්න
බැරිවෙයි.. මම හොයලා බලන්නම්..."

පස්සෙ මම ඒ ගැන හොයලා බැලුවා. එතකොට තමා
දැනගන්න ලැබුණේ අර නැතිවුණා කිව්වා තුන්දෙනාගෙන්
කෙනෙක් තමයි මේ තරුණයාගේ පෙම්වතිය.
මට ඒක ඇහුවම ලොකු වේදනාවක් දැණුනා. කොහොමද
ඒ වගේ සිටුවේශන් එකක ඉඳගෙන එයාට කියන්නෙ
එයා ආදරේ කරන කෙනා ජීවතුන් අතර නෑ කියලා..

ඉතින් මම අමාරුවෙන් ඒක නොකියා ඉන්න
හිත හදාගත්තා..!!
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top