තිදෙනකුට මරු කැඳවමින් 26 ක් රෝහල් ගත කරමින් නෝර්ටන්, දියගල මාර්ගයේ
හුළංවංගුව අසලදී ප්රපාතයට පෙරළුණු බසය ගැන කම්පන සහගත ප්රවෘත්තිය
ඔබටත් අහන්න ලැබෙන්න ඇති.
මහරගම සිට ශ්රී පාදය වන්දනා කිරීමට පැමිණි පිරිසක් ශ්රී පාදය වන්දනා කර
නැවත මහරගම ප්රදේශය දක්වා ගමන් කරමින් සිටියදී 19 වැනිදා රාත්රියේ
මෙම බස් රථය අනතුරට ලක්ව තිබුණා.
නෝර්ටන් දියගල මාර්ගයේ හුළංවංගුව අසලදී මාර්ගයෙන්
ඉවතට පැන අඩි 100ක පමණ ප්රපාතයකට පෙරලී සිදුවූ මෙම අනතුරින්
කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයකු දිවි හැර ගියා.
එසේ දිවි හැර ගිය පිරිස් මෙන්ම, මාරාන්තික තුවාල සහිතව
රෝහල්ගත පිරිස් ද බොහෝමයක් සිටියා.
එවැනි පුද්ගලයෙකු ගැන නාවලපිටිය රෝහලේ
හෙදියක් කියූ අතිශය සංවේදී කතාවයි මේ...
"ඒ වෙලාවේ කකුල් අතපය තුවාල වෙච්ච තරුණයෙක්.
එයාට යන්තම් සිහිය වැටුණු වෙලාවේ මට කතා කළා.
කතා කරලා මෙහෙම කිව්වා,
'මිස් අපි මහන්සි වෙලා එන ගමන් හිටියේ..
මගේ ගර්ල් ෆෙර්න්ඩ් මා එක්ක ආවා.
එයා මගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන ආවේ.
ඇක්සිඩන්ට් එක වුණාට පස්සෙ මට සිහිය නැතිවුණා.
මාව මෙහාට ගෙනාවා විතරයි මතක.
අනේ එයා කොහෙද ඉන්නෙ
එයාට මොනාද වෙලා තියෙන්නෙ බලලා කියන්න'
මම ඒ වෙලාවේ ඒ තරුණයාට තත්ත්වය පැහැදිලි කළා.
"ඇක්සිඩන්ට් වෙලා ගෙනාපු කට්ටිය මෙහේ වගේම
තව අය දික්ඔය කොටඔය හොස්පිට්වලටත්
මාරුකරලා යවලා තියෙනවා. ඒ නිසා දැන්ම හොයාගන්න
බැරිවෙයි.. මම හොයලා බලන්නම්..."
පස්සෙ මම ඒ ගැන හොයලා බැලුවා. එතකොට තමා
දැනගන්න ලැබුණේ අර නැතිවුණා කිව්වා තුන්දෙනාගෙන්
කෙනෙක් තමයි මේ තරුණයාගේ පෙම්වතිය.
මට ඒක ඇහුවම ලොකු වේදනාවක් දැණුනා. කොහොමද
ඒ වගේ සිටුවේශන් එකක ඉඳගෙන එයාට කියන්නෙ
එයා ආදරේ කරන කෙනා ජීවතුන් අතර නෑ කියලා..
ඉතින් මම අමාරුවෙන් ඒක නොකියා ඉන්න
හිත හදාගත්තා..!!