අඛණ්ඩව ක්‍රියාත්මක ඒ.අයි.ඒ. උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන මගින් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ගන්නා සිසුන්ට ලබාදෙනු ලබන උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා මෙවර 700 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.
ඔවුන්ට උසස් පෙළ සිට විශ්වවිද්‍යාල උපාධිය අවසන් කරන තෙක්ම රුපියල් 4000ක මාසික ශිෂ්‍යාධාර මුදලක් පිරිනැමෙන අතර, තෝරාගනු ලබන උපාධි පාඨමාලාවට අනුව රුපියල් 340,000 ක උපරිමයක් දක්වා මූල්‍යාධාර ලබාදීම සිදුකරන බවයි ඒ.අයි.ඒ. රක්ෂණ සමාගම සඳහන් කළේ.