දරුවන් අවසන් ගමන් යද්දී - දුක තුනී වෙන්නට නර්තනයේ යෙදුණු පියා (Video)
Wednesday, 22 February 2023 - 12:47 | Views - 23,589
සිය දරු දෙදෙනා ඝාතනය කර දිවි නසා ගැනීමට තැත් කළ රත්නපුර, කරපිංචවත්ත ප්‍රදේශයේ මවක්, රත්නපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු හතක සහ අවුරුද්දයි මාස 2ක් වන පිරිමි දරුවන් දෙදෙනෙක්.

සිය දරුවන් දෙදෙනා කරපිංචවත්ත, ජෝකිංවත්ත ප්‍රදේශයේ ළිඳකට තල්ලුකර මෙම ඝාතන සිදුකර තිබුණේ 29 හැවිරිදි මවක විසින්.

පසුව ඇයද දිවි නසා ගැනීමේ අරමුණෙන් ඇය කිසියම් ඖෂධයක් අධිමාත්‍රාවෙන් පානය කර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඇය රත්නපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

ළිඳෙන් ගොඩ ගත් දරු දෙදෙනාගේ සිරුරු, රත්නපුර අතිරේක මහේස්ත්‍රාත්වරිය පැමිණ ස්ථානීය පරීක්ෂාව සිදුකිරීමෙන් පසු රත්නපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගියා.

මෙම මව දරු දෙදෙනා ඝාතනය කර සිය දිවි නසා ගැනීමට තැත්කළේ කුමන හේතුවක් මතද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දරුවන් දෙදෙනාගේ අවසන් මොහොතේ පියාගේ තිබූ හැසිරීම කාගෙත් කතාබහට ලක්ව තිබුණා. ඒ ඔහු හඬමින් නර්තනයක යෙදීම හේතුවෙන්...

එහි සම්පූර්ණ වීඩියෝව පහතින්.... 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top