තරුණ තරුණියන්ට අලුත් වාහනයක් ගන්න ඩොලර් 5000 ක්..
Wednesday, 22 February 2023 - 10:27 | Views - 440
වයස අවුරුදු 25ට අඩු තරුණ තරුණියන්ට මෝටර් රථයක් මිලදීගැනීම සඳහා සහනාධාරයක් පිරිනැමීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයක් තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ, ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය මෙම සුවිශේෂී තීරණය ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, වයස අවුරුදු 25ට අඩු වසර 16කට වඩා පැරණි මෝටර් රථයක් හිමි සියලුදෙනාට මෙම සහනාධාරය සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවන අතර, මෙහිදී ඩොලර් 5000 ක් සහනාධාර ලෙස මුලික අදියර යටතේ ලබා දීමට නියමිතව තිබෙනවා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශවල වයස අවුරුදු 25ට අඩු තරුණ රියදුරන් 1000 ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

එසේම, මාර්ග අනතුරුවලදී රියදුරුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නවීන ආරක්ෂක උපකරණවලින් සමන්විත මෝටර් රථ භාවිතයට පෙළඹවීම සඳහා මේ ක්‍රියාමාර්ගය සංවිධානය කිරීමට තීරණය කළ බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top