තරුණ තරුණියන්ට අලුත් වාහනයක් ගන්න ඩොලර් 5000 ක්..
Wednesday, 22 February 2023 - 10:27 | Views - 441
වයස අවුරුදු 25ට අඩු තරුණ තරුණියන්ට මෝටර් රථයක් මිලදීගැනීම සඳහා සහනාධාරයක් පිරිනැමීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයක් තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ, ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය මෙම සුවිශේෂී තීරණය ගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, වයස අවුරුදු 25ට අඩු වසර 16කට වඩා පැරණි මෝටර් රථයක් හිමි සියලුදෙනාට මෙම සහනාධාරය සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවන අතර, මෙහිදී ඩොලර් 5000 ක් සහනාධාර ලෙස මුලික අදියර යටතේ ලබා දීමට නියමිතව තිබෙනවා.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශවල වයස අවුරුදු 25ට අඩු තරුණ රියදුරන් 1000 ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.
එසේම, මාර්ග අනතුරුවලදී රියදුරුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නවීන ආරක්ෂක උපකරණවලින් සමන්විත මෝටර් රථ භාවිතයට පෙළඹවීම සඳහා මේ ක්‍රියාමාර්ගය සංවිධානය කිරීමට තීරණය කළ බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.
Share This Article