විරෝධතාකරුවන් ට පොලිසියෙන් දැනුම් දීමක්
Monday, 20 February 2023 - 12:30 | Views - 399
අද (20) දිනය තුළ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර ඇති විරෝධතා පැවැත් වීමේ දී මාර්ගයේ ගමන් ගන්නා ජනතාවට හෝ පොදු දේපළවලට යම් හානියක් හෝ අවහිරයක් සිදුවන්නේ නම් අදාළ විරෝධතා පෙළපාලිවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

ඔහු ඒ බව සඳහන් කරමින් වැඩිදුරටත් කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට පොලීසිය කිසිවිටෙකත් බාධා නොකරන නමුත් යම් පිරිසක් පවතින නීතියට එරෙහිව කටයුතු කරන්නේ එයට එරෙහිව කටයුතු කරන බවයි.

"විශේෂයෙන් අපි කියන්නේ පෙළපාලි පවත්වන්න එපා කියන දේ කාරණය. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් පෙළපාලියක් හෝ යම්කිසි දෙයක් ඒ සඳහා අදාළ ක්‍රියාමාර්ග ගැනීමට පොලීස් නිලධාරීන් කටයුතු කරනු ඇත. පොලිස් නිලධාරීන් ඒ සඳහා සුදානමින් ඉන්නවා. පවතින නීතිය යටතේ පොලිස් නිලධාරීන් කටයුතු කරන්නේ. නීතියානූකූලව කටයුතු කරන්න අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට ලබාදීලා තියෙනවා." යනුවෙන් ද ඔහු කියා සිටියා.
 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top