නෝට්න්බ්‍රිජ් අනතුරෙන් තවත් අයෙකු මරුට (Video)
Monday, 20 February 2023 - 10:17 | Views - 1,308
නෝට්න්බ්‍රිජ් - දියගල මාර්ගයේ සිදු වූ බස් රථ අනතුරෙන් පසුව අතුරුදන්ව සිටි බස් රථයේ පැමිණි තරුණයෙකුගේ මළසිරුර අද (20) උදෑසන සොයාගෙන තිබෙනවා.
ඒ අනුව මෙම අනතුරින් මියගිය සංඛ්‍යාව තුන දක්වා ඉහළ යනවා.
ශ්‍රී පාද වන්දනාවේ ගොස් නැවත පැමිණෙමින් තිබූ බස් රථයක් ඊයේ රාත්‍රියේ අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 26 දෙනෙකු තුවාල ලැබුවා.
කෙසේ වෙතත් බස් රථයේ පැමිණි අයෙකු අතුරුදන්ව ඇති බවට සැළවීමෙන් පසුව අද උදෑසන යුද හමුදා භට පිරිස් සහ පොලිසිය එක්ව බස් රථය පරීක්ෂා කළ අවස්ථාවේදියි එහි සිර වී සිටි මෙම තරුණයාගේ සිරුර සොයාගත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32 ක් වයසැති තරුණයෙක්.
Share This Article