දිය යට දී දුන් - ගිනස් පොතට ගිය දිගම හාදුව ... (Photos)
Monday, 20 February 2023 - 8:25 | Views - 471
දිය යට දී දුන් දිගම හාදුවේ පුවත වාර්තා වන්නේ මාලදිවයින් ප්‍රදේශයෙන්. ඒ පසුගියදා තිබූ ආදරවන්තයින්ගේ දිනය මූලික කරගෙන දකුණු අප්‍රිකානු කාන්තාවක සහ කැනේඩියානූ ජාතික පුරුෂයකු විසින් දිය යටදී තම දෙතොල් වසා විනාඩි 4යි තප්පර 6ක කාලයක් දිය යට දී හුවමාරු කරගත් හාදුවයි. කෙසේ නමුත් ඔවුන් මේ කාලය තුළ දිය යට දී ලබාදුන් මේ හාදුව දිගම හාදුව ලෙස ගිනස් වාර්ථා පොතටද ඇතුළත් වී ඇති බවයි වාර්ථා වන්නේ.

මෙලෙස දිය යට දිගම හාදුව සඳහා ගිනස් ලෝක වාර්තාව තබා ඇත්තේ 33 හැවිරිදි මයිල්ස් ක්ලෝටියර් පෙම්වතා සහ 40 හැවිරිදි බෙත් නීල් නම් ඇගේ පෙම්වතියයි. ඔවුන් මෙම සිපගැනීම සිදුකර ඇත්තේ 'LUX' South Air Atoll නැමති මාලදිවයින් නිවාඩු නිකේතනයකදීය. ඔවුන් මෙම වාර්තාව තැබීමට සමත්ව ඇත්තේ දින තුනක පුහුණුවීමකින් අනතුරුව වන අතර මීට පෙර දිය යට දිගම හාදුව ලෙස මෙම වාර්තාව තබා ඇත්තේ 2010 වසරේදී මිචෙල් ෆුකරිනේා සහ එලිසා ලසායිනා යුවලයි. ඒ මිනිත්තු 3 යි තප්පර 24ක කාලයක් තුලයි. කෙසේ නමුත් මිචෙල් ෆුකරිනේා සහ එලිසා ලසායිනා යුවල තැබූ එම ගිනස් වාර්තාව දැන් බිඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

- නයනා උදයංගනී




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top