විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ ජල බිලද ඉහළ දැමීමේ අවශ්‍යතාවක් මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය පවසනවා.
කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් මේ වනතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පියල් පද්මනාථ කියා සිටියේ.
එමෙන්ම විදුලි බිල ඉහළ යාමත් සමඟ ඉදිරියේදී කම්බි සහ පී.වී.සී බටවල මිල ගණන් ද ඉහළ යනු ඇති බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසනවා.
කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ලේකම් සුපුන් අබේසේකර කියා සිටියේ මේ වනවිටත් සිමෙන්ති මිල රුපියල් 200 කින් ඉහළගොස් ඇති බවයි.