ප්රදේශ කිහිපයකට අඟහරුවාදා පැය 12ක ජල කප්පාදුවක්
Saturday, 18 February 2023 - 11:29 | Views - 4,597
වත්තල ඇතුළු ප්රදේශ කිහිපයකට ලබන 21 වනදා පෙරවරු 10 සිට රාත්රී 10 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
කැළණිය - ප්රංශවත්ත පාර සහ සරසවි මාවතේ සිදු කරන හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙනු යි මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලබන්නේ.
ඒ අනුව වත්තල, හැඳල, අල්විස් ටවුම, වැලිකඩමුල්ල, කෙරවළපිටිය, මාබෝල, නායකකන්ද, ගලහදූව සහ මරදාන පාර යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
මීට අමතරව හුණුපිටිය, වෙඩිකන්ද, වේවැල්දූව, ප්රංශවත්ත, කිරිබත්ගොඩ නවපාර, පාදිලියාතුඩුව පාර මෙන්ම දළුපිටිය පාර සිට අක්බාර් ටවුන් පාලම දක්වා ද ජල සැපයුම අත්හිටුවනු බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article