මාමාගේ සුපිරි මෝටර් රථයට යට වී පුංචි දියණියක් අවසන් ගමනේ.. (Photos)
Saturday, 18 February 2023 - 10:15 | Views - 6,544
කෝටිපති ව්‍යාපාරික මාමා පැදවූ සුඛෝපභෝගි මෝටර් රථයට යට වීමෙන් වයස අවුරුදු එකහමාරක දැරියක මිය ගොස් ඇති බව කොහුවල පොලිසිය කියයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කොහුවල කලුබෝවිල පී. රූබන් පීරිස් මාවතේ පදිංචිව සිටි සුවයිරා මොහොමඩ් මුස්තාක් දැරියයි.

මෝටර් රථය පැදවූ දැරියගේ මවගේ සහෝදරයා වන 28 හැවිරිදි කෝටිපති ව්‍යාපාරික සැකකරු අත්අඩංගුවට ගෙන, ඔහුගේ සුඛෝපභෝගි මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු පෙරේදා (16) දහවල් ආගමික වතාවත්වල යෙදීම සඳහා නිවෙසින් පිට වී යෑමට සූදානම්ව මෝටර් රථය නිවෙස ඉදිරිපිට ගරාජයෙන් පිටතට ගැනීමේදී රියේ ඉදිරිපසට පැමිණි දැරිය බෆරයට සහ පොළොවට තෙරපීමෙන් අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුර සියැසින් දුටු නිවෙසට පැමිණ යතුරුපැදියෙන් පිටවීමට ගිය පුද්ගලයකු ඒ බව සැකකාර රියැදුරුට දැනුම් දීමත් සමඟ ඔහු මෝටර් රථය ආපස්සට ගෙන ඇති අතර, දැරිය නැවතත් මෝටර් රථයේ බෆරය සහ පොළොව අතර තෙරපී ඇතැයි පොලිසිය කියයි.

වහා ක්‍රියාත්මක වූ නිවැසියන් දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබා දී කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ 17 අලුයම මියගොස් තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

අනතුර සිදු වන ආකාරය නිවෙසේ සවි කර තිබූ සීසීටීවී කැමරාවේ මනාව සටහන්ව ඇතැයිද පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අනතුර සිදු වූ ස්ථානයේ කිසිදු ලේ පැල්ලමක් දක්නට නැතැයි පොලීසිය කියයි.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි ගල්කිස්ස අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය මූලික පරීක්ෂණ සිදු කර මෝටර් රථය පොලිස් භාරයට ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.

කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත පිටිගල මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඩී. චන්ද්‍රසේන, පොලිස් සැරයන් ප්‍රභාත් (71426), පොලිස් කොස්තාපල් ගිම්හාන (92444) පරීක්ෂණ පවත්වති.



-බණ්ඩාරගම - බිමල් ජයසිංහ
-දිනමිණ 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top