2019 සහ 2020 වසරවල උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, ඊට අදාළ අභියාචනා ලබන 28 වනදා දක්වා භාරගැනීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.
උසස් පෙළ වර්ෂය, විභාග අංකය, ප්‍රතිඵල, ඉසෙඩ් අගය, නව සහ පැරණි විෂය නිර්දේශයද යන්න මෙන්ම අභියාචනා කිරීමට හේතුව ඇතුළත් කරමින් අදාළ අභියාචනා විද්‍යා පීඨ අධ්‍යාපන අධ්යක්ෂ වෙත යොමු කළ යුතු වනවා.