ඔබගේ නව විදුලි ගාස්තුව හරියට ම දැනගන්න මෙතැනින්..
Friday, 17 February 2023 - 9:55 | Views - 873
අද (17) සිට ඉහළ යන ගෘහස්ථ විදුලි පරිභෝජනයට අය කරන විදුලි ගාස්තුව සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.එවන් පසුබිමක හිරු ප්‍රවෘත්ති අංශය විසින් නව යෙදවුමක් හරහා මහජන ඔබේ දැනගැනීම පිණිස මසකට ඔබට සාමාන්‍යයෙන් ඉදිරියේ දී ගෙවීමට සිදුවන විදුලි බිල් ගාස්තුව දැනගැනීමට අවස්ථාවක් උදා කර දීමට කටයුතු කළා.මෙම යෙදවුම හා සම්බන්ධ වී සාමාන්‍යයෙන් ඔබේ නිවසෙහි පරිභෝජනය කෙරෙන මාසික විදුලි ඒකක ගණන කොපමණ දැයි අපගේ වෙබ් අඩවිය වෙත පිවිස එහි ඇති ඒකක ගණන යන තීරුවේ සටහන් කිරීමෙන් දළ වශයෙන් ඔබට ගෙවීමට සිදුවන විදුලි බිලෙහි මුදල දැනගත හැකි වනු ඇති.මෙම යෙදවුම නිර්මාණය කර ඇත්තේ සංශෝධිත නව විදුලි ගාස්තුවලට අනුගත වන අතර, එය උපරිම දින 30ක් සඳහා බලපැවැත්වෙනු ඇති බව ද ඔබට අපි දැනුම්දීමට කැමැත්තෙමු.
ඔබට ගෙවීමට සිදුවන නව විදුලි බිල් ගාස්තුව ගැන දැනගන්න සබැඳිය මෙතැනින්...
Share This Article