පෙරුම් පුරලා පුරලා මේ .... හදා ගත්තේ, ඒ මදිවට මාව යකින්නියක් කරලා..(Photos)
Friday, 17 February 2023 - 9:30 | Views - 2,310
”අනේ සර් සල්ලි ටිකෙන් ටික එකතු කරලා රුපියල් 53000 දිලා දත් ඇන්ඳක් දාගත්තා. මාස පහයි තිබුණේ ඒක කඩල බේසමට කඩා වැටුණා. සර් මට සාධාරණයක් කරලා දෙන්න” යැයි දත් ඇන්දක් අත්ල මත තබාගෙන පොලිස් ස්ථානාධිපතිගේ නිල කාමරයට පැමිණි කාන්තාවක් හඬා වැටුණු සිද්ධියක් බොරැල්ල පොලිසියෙන් වාර්තා වනවා.

”සර් මගේ වයස තවම අවුරුදු පනස් අටයි, අපිත් ගැහැනුනේ සර්,මොකද කඩල විකුණුවා කියලා,අපිත් ලස්සනට ඉන්න කැමතියිනේ සර්, මේවා මංකොල්ල කාපු සල්ලි නෙමෙයි සර්, දාඩිය මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි.පෙරුම් පුරලා පුරලා මේ දත් ඇන්ද හදා ගත්තේ, මේ බලන්න උන් මගෙන් 53000 ගත්තා මදිවට මාව යකින්නියක් කරලා.කණ්ණාඩියෙන් බලනකොට දැක්කේ මගේ තිබුණු දත් ටික උල් කරලා සර් මේ දත් ඇන්ද අටවල තියෙන්නෙ, ඇන දාල නෙමෙයි”යැයි පවසමින් තම මුව විවර කර ස්ථානාධිපතිවරයාට පෙන්වා ඇති කාන්තාව මේ සම්බන්දයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස බොරැල්ල ස්ථානාධිපති ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම කාන්තාවගේ උඩු ඇන්දේ එක දිගට දත් කීපයක් අහිමිවී තිබීම හේතුවෙන් එයින් මතුවන අවලස්සන නැති කර ගැනීමට ඇය බොරැල්ල ප්‍රදේශයේ දන්ත ශල්‍යාගාරයකට ගොස් මීට මාස පහකට පෙර රුපියල් 53000 ක් වැයකර මෙම දත් ඇන්ද සවිකරගෙන ඇති බව පොලිසිය පැවසුවා.

කෙසේ වෙතත් එසේ සවිකළ දත් ඇන්ද වෘත්තියෙන් කඩල තම්බා විකිණීම සිදුකරන මෙම කාන්තාවගේ කඩල බේසමට පෙරේදා කඩා වැටී ඇති බව ඇය කළ පැමිණිල්ලේ සදහන්.

එය සලකා බැලූ බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා අදාල දන්ත ශල්‍යාගාරයේ කලමනාකරු හා කාන්තාව ඉදිරි දියනක ගෙන්වා ගැටළුව නිරාකරණය කර දීමට මැදිහත් වී තිබුනා. 






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top