පෙබරවාරි 10 දක්වා ගතවූ සතිය තුළ ඇමරිකානු ඩොලරයට සහ ඉන්දිය රුපියලට සාපේක්ෂව රුපියල අතිප්‍රමාණය වී තිබෙනවා.
ඩොලරයට සාපේක්ෂව සියයට බින්දුවයි දශම 3කින් රුපියල අතිප්‍රමාණය වී ඇති අතර, ඉන්දීය රුපියලට සාපේක්ෂව අතිප්‍රමාණය වී ඇත්තේ සියයට බින්දුවයි එකකින් බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රුපියල, ජපන් යෙන් සහ යුරෝ සහ ස්ටර්ලිං පවුමට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති බව සඳහන්.
මේ අතර, පසුගිය ජනවාරි මාසය අවසාන වනවිට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2,120ක් ලෙස මහ බැංකුව ඇස්තමේන්තු කර තිබෙනවා.
ඊට ඇමරිකානු ඩොලර් බිලියන 1.4කට සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකම අන්තර්ගත බවයි මහ බැංකුව සඳහන් කළේ.
පසුගිය වසරේ දෙසැම්බර් මස වනවිට මෙරට විදේශ මුදල් සංචිතය දැක්වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 1,863ක් ලෙසයි.