නවසීලන්තයට භූ කම්පනයක් !
Wednesday, 15 February 2023 - 15:50 | Views - 445

නවසීලන්තයේ වෙලින්ටන් ආශ්රිත ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 6.1 ක ප්‍රබල භූමිකම්පාවක් වාර්ථා වනවා.
නවසීලන්තයේ වේලාවෙන් පෙබරවාරි (15) දින රාත්‍රීයේ වෙලින්ටන් අසල කේන්ද්‍රගත මෙම භූමිකම්පාව හේතුවෙන් නවසීලන්ත වැසියන් දස දහස් ගණනක් කම්පනයට පත්ව ඇති බවටයි වාර්ථා වන්නේ.
ඇතැම් නවසීලන්ත වැසියන් එය හැඳින්වූයේ “දැවැන්ත” සහ “බියජනක” අත්දැකීමක් ලෙසයි.
මෙම භූමිකම්පාව හේතුවෙන් අවම වශයෙන් වෙලින්ටන් අවට ප්‍රදේශය අවම තරමින් තත්පර 30 ක පමන කාලයක් සෙලවීමකට ලක් වූ බවයි නිවැසියන් පවසන්නේ.
ජියෝනෙට් (GeoNet) භූ කම්පන දර්ශක වෙබ් අඩවිය පවසන්නේ මෙම භූමිකම්පාව රාත්‍රී 7.38 ට පැරපර්ව්මු (Paraparaumu) සිට කිලෝමීටර 50 ක් පමණ වයඹ දෙසින් කිලෝමීටර් 48 ක් ගැඹුරින් සිදු වූ බවයි.
රාත්‍රී 8 පමන වන විට ඕක්ලන්ඩ් සහ ක්‍රයිස්ට්චර්ච් ඇතුළු උතුරු සහ දකුණු දූපත් දෙකෙහිම පුද්ගලයින් 60,000 කට වැඩි පිරිසකට මෙම භූමිකම්පාව දැනුණු බව වාර්තා වනවා.
කෙසේ වෙතත්, මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි තර්ජනයක් නොමැති බව ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය උපදෙස් දී ඇති බව වෙලින්ටන් ප්‍රදේශයේ හදිසි කළමනාකරණ කාර්යාලය සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ පණිවුඩයක් නිකුත් කර තිබුනා.
මෙම ප්‍රධාන භූමිකම්පාවෙන් ටික වේලාවකට පසු, ටෞමරුනුයි සිට කිලෝමීටර 45 ක් නිරිත දෙසින් සහ කිලෝමීටර් 78 ක් ගැඹුරින් රික්ටර් මාපකයේ 4.0 ක ලෙස දැක්වුනු භූමිකම්පාවක් ද ඇති වුණා.
Share This Article