අද පෙම්වතුන්ගේ දිනය. මේ මාසය පටන්ගන්නටත් පෙර සිටම ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් අලෙවි වන විවිධ වෙළඳ භාණ්ඩ සහ සේවා සඳහා ප්‍රචාරණය ආරම්භ කරලා තිබුණා.
ආදරවන්තයින්ගේ සිත් ඇඳබැඳ ගන්නා විවිධ තෑගි බෝග, ආහාර පාන වගේම හෝටල් සේවා ද ඒ අතර වෙනවා.
ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ප්‍රචාරණය කළ හෝටල් සේවා අතර අගනගරයේ පිහිටි ප්‍රධාන පෙළේ තරු පන්තියේ හෝටලයක ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් එක් රැයකට රුපියල් ලක්ෂ 25ක පැකේජයක් හඳුන්වා දී තිබුණා.
එම පැකේජයට අනුව පහත සඳහන් දීමනා අන්තර්ගත වෙනවා. එම හෝටලයේ ඇති සුපිරිම කාමර ඒකකය, ඉර බැස යන සන්ධ්‍යාවේ බෝට්ටු සවාරියක්, දියමන්ති මාලයක්, රෝසමල් 365ක් අන්තර්ගත මල් කළබක්, ආදරණීය රෝමාන්තික සන්ධ්‍යාවක්, නිදන කාමරයටම උදෑසන ආහාරය, ආයුර්වේද සම්බාහන, ස්ට්‍රෝබෙරි සහ චොක්ලට්, සුන්දර ඡායාරූප රූගත කිරීමක්, හෙලිකොප්ටර් සවාරියක්.
මේ සියල්ලම එක් රැයකටයි. ලෝකේ ආර්ථික දර්ශකවල උද්දමනය ඉහළම රටක් හැටියට ආර්ථික විද්‍යාඥයින් පවසන, ඉන්ධන නොමැතිකමෙන් දිවා රෑ විදුලිය විසන්ධි කරන, එක් වේලකින් බඩවියත රැකගන්නට වෙර දරන මිනිසුන් සිටින රටකයි මේ.
සුපිරි තරු පන්තියේ හෝටලයක් අලෙවි කළ නොහැකි නම් මෙවැනි ප්‍රචාරණයක් කිසිසේත්ම ලබාදෙන්නේ නැහැ. අද රාත්‍රියෙහි මේ පැකේජයෙන් අතේ ඇඟිලි ගණනට එකක් දෙකක් හෝ විකිනෙන්නට පුළුවන්. මේ තරම් ආර්ථික අවපාතයක තිබියදී තවමත් තම සුඛ විහරණය වෙනුවෙන් එක් රැයකට රුපියක් ලක්ෂ 25ක් වියදම් කරන ඇත්තන් සිටින එක ගැන පුදුම නොවන්න...