රුපියල් ලක්ෂ 25කට වෙන්වුණු අමුතුම valentine පැකේජය
Wednesday, 15 February 2023 - 14:13 | Views - 1,710
අද පෙම්වතුන්ගේ දිනය. මේ මාසය පටන්ගන්නටත් පෙර සිටම ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් අලෙවි වන විවිධ වෙළඳ භාණ්ඩ සහ සේවා සඳහා ප්‍රචාරණය ආරම්භ කරලා තිබුණා. 

ආදරවන්තයින්ගේ සිත් ඇඳබැඳ ගන්නා විවිධ තෑගි බෝග, ආහාර පාන වගේම හෝටල් සේවා ද ඒ අතර වෙනවා.

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ප්‍රචාරණය කළ හෝටල් සේවා අතර අගනගරයේ පිහිටි ප්‍රධාන පෙළේ තරු පන්තියේ හෝටලයක ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් එක් රැයකට රුපියල් ලක්ෂ 25ක පැකේජයක් හඳුන්වා දී තිබුණා.

එම පැකේජයට අනුව පහත සඳහන් දීමනා අන්ත‍ර්ගත වෙනවා. එම හෝටලයේ ඇති සුපිරිම කාමර ඒකකය, ඉර බැස යන සන්ධ්‍යාවේ බෝට්ටු සවාරියක්, දියමන්ති මාලයක්, රෝසමල් 365ක් අන්තර්ගත මල් කළබක්, ආදරණීය රෝමාන්තික සන්ධ්‍යාවක්, නිදන කාමරයටම උදෑසන ආහාරය, ආයුර්වේද සම්බාහන, ස්ට්‍රෝබෙරි සහ චොක්ලට්, සුන්දර ඡායාරූප රූගත කිරීමක්, හෙලිකොප්ටර් සවාරියක්.

මේ සියල්ලම එක් රැයකටයි. ලෝකේ ආර්ථික දර්ශකවල උද්දමනය ඉහළම රටක් හැටියට ආර්ථික විද්‍යාඥයින් පවසන, ඉන්ධන නොමැතිකමෙන් දිවා රෑ විදුලිය විසන්ධි කරන, එක් වේලකින් බඩවියත රැකගන්නට වෙර දරන මිනිසුන් සිටින රටකයි මේ.

සුපිරි තරු පන්තියේ හෝටලයක් අලෙවි කළ නොහැකි නම් මෙවැනි ප්‍රචාරණයක් කිසිසේත්ම ලබාදෙන්නේ නැහැ. අද රාත්‍රියෙහි මේ පැකේජයෙන් අතේ ඇඟිලි ගණනට එකක් දෙකක් හෝ විකිනෙන්නට පුළුවන්. මේ තරම් ආර්ථික අවපාතයක තිබියදී තවමත් තම සුඛ විහරණය වෙනුවෙන් එක් රැයකට රුපියක් ලක්ෂ 25ක් වියදම් කරන ඇත්තන් සිටින එක ගැන පුදුම නොවන්න... 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top