අද විදුලි කප්පාදුව සිදුවෙන්නේ මෙහෙමයි (Video)
Wednesday, 15 February 2023 - 10:02 | Views - 338
අද (15) දිනයේත් පැය 02ක කාලයක් විදුලි කප්පාදුව කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව, විදුලිය කැපෙන කාල සටහන පහතින් දක්වා තිබෙනවා.

තවද, විදුලි කප්පාදුව නවතා දැමීමේ තීන්දුවේ මහජන උපයෝගිතා කොමිසමේ අවසන් තීරණය අද (15) ලැබීමෙන් පසු ප්‍රකාශයට පත් කරන බව විදුලි බල මණ්ඩලය පවසනවා.

ඒ සඳහා, ගාස්තු වැඩි වීම පිළිබඳ කොමිසමේ අනුමැතිය අත්‍යාවශ්‍ය බවයි විදුලි බල මණ්ඩලයේ උසස් නිළධාරියෙකු හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී සඳහන් කළේ.

එමෙන්ම, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සමාජිකයන්ගේ හමුවක් අද (15) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

එහිදී නව ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කළේ සභාපති වරයා නොමැතිව සෙසු සමාජිකයන් තුන්දෙනා මෙලෙස රැස් වන අතර, එහිදී ගනු ලබන තීරණය විදේශ ගතව සිටින සභාපති ජනක රත්නායකට දැනුම් දෙනු ඇති බවයි.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති කළ විමසීමක දී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ මහජන උපදේශනයෙන් අනතුරුව සංශෝධිත ගාස්තු තීරණය කර ඇති හෙයින් යළි අද (15) රැස් වී තීරණයක් ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top