සියලු රාජ්‍ය ආයතනවල ගෙවීම් සහ අයකිරීම් ඩිජිටල් හා විද්‍යුත් ක්‍රමය යටතේ සිදුකිරීමට අදාළ පහසුකම් සැලසීමට තාක්ෂණ අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, ඉදිරියේ දී ඊට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි ඊයේ (13) අමාත්‍යංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත්තේ.
ලබන ජුලි මාසය වන විට සියලුම රාජ්‍ය ආයතනවලට ඊට අවශ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කිරීමට ද නියමිතයි.
මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ අවම කිරීමේ අරමුණෙන් රාජ්‍ය ආයතනවල අයකිරීම් සහ ගෙවීම් විද්‍යුත් ක්‍රමයට සකස් කිරීම ලබන වසරේ මාර්තු පළමුවැනිදාට පෙර සිදුකිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.