විදේශ රැකියා ක්ෂේත්රය - ඩිජිටල්කරණය කරන්න ඉල්ලීමක්
Monday, 13 February 2023 - 14:13 | Views - 1,835
ශ්‍රමිකයින් බඳවාගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා විදේශ රැකියා ක්ෂේත්රය ඩිජිටල්කරණය කරන්නැයි ඕමානයේ ශ්‍රමිකයින් බඳවා ගැනීමේ ආයතන මෙරටින් ඉල්ලීමක් කර තිබෙනවා.
මේ දිනවල ඕමානයේ සංචාරයක නිරතව සිටින විෂයභාර අමාත්‍ය මනූෂ නානායක්කාර වෙත මෙම ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ඒ අනුව ඊට අදාළ කටයුතු කඩිනමින් සිදුකරන බව ඕමාන බලධාරීන් වෙත දැනුම්දී තිබෙනවා.
Share This Article